ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදුදහමට හිමි ප්‍රමුඛතාව කිසිදු ආකාරයක වෙනසක් නොකරන බවත් අසත්‍ය චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. ජනමාධ්‍යවේදීන් සමග සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.
බුහුදහමට හිමි ස්ථානය වෙනසක් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සිදුවන බවට ඇතැමුන් චෝදනා නගන බවත්, ඇතැම් පුවත්පත් අසත්‍ය වාර්තා පළකර ඇති බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.
එසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදුදහමට හිමි ස්ථානය කිසිදු අයුරකින් වෙනසක් නොකරන බවට තමා අස්ගිරි මල්වතු මහානායක හිමිවරුන් ප්රමුඛ සියලුම නායක හිමිවරුන්ට විහාරාධිපතිහිමිවරුන්ට ප්‍රකාශ කර ඇති බවද ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
"ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 09 වැනි වගන්තිය කිසිදු ආකාරයෙන් වෙනස් කරන්නේ නැහැ.ඒ චෝදනාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එහි කිසිදු සත්‍යතාවක් නැහැ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සාකච්ඡාව ඇතිවුණ දවසේ පටන්ම මේ කතාබහ ඇතිවෙලා තිබුණා. නමුත් එය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මේ චෝදනාවල කිසිදු සත්‍යතාවක් නැහැ. පහුගිය දවස්වල පුවත්පත් එහෙම වාර්තා කරලා තිබුණා කියලත් මට ආරංචියි.
පසුගිය වසර එක හමාරක කාලය තුළ මහනුවර මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්වහන්සේලාට, කොළඹ නායක හිමිවරුන්ට විහාරාධිපති හිමිවරුන්ට බැහැදකින්න ගිය බොහෝ අවස්ථාවලදී මම මේ කාරණය පැහැදිලිව කියලා තියෙනවා. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බෞද්ධාගම සම්බන්ධයෙන් සඳහන් ඇති තත්ත්වය කිසිදු ආකාරයක වෙනසක් වෙන්නෙත් නැහැ. වෙනසක් කරන්නෙත් නැහැ. ඒ සියලු චෝදනා වගකීමෙන් යුතුව ප්‍රතික්ෂේප කරනවා" යැයි කීවේය.
ශ්‍රිලංකා ප්‍රජාතාන්ත්‍රික සමාංවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායේ iiවැනි පරිච්දේසයේ 9 වැනි ව්‍යවස්ථාව යටතේ බුද්ධාගම සම්න්දයෙන් දක්වා ඇත්තේ මෙසේය.
'ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ(1) වැනි අනු ව්‍යවස්ථාවේ (ඉ) ජේදයෙන් සියලු ම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය'