රට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බවත් ඒ හේතුවෙන් වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත් ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ඒකාබද්ධ විපක්ෂය කතානායක කරු ජයසූරිය මහතාගෙන ඉල්ලා සිටින බවයි.
අයවැය විවාදයෙන් පසුව පාර්ලිමේන්තුව නිවාඩු දී ඇති අතර නැවතත් පාර්ලිමේන්තු සැසිවාර අරම්භ වන්නේ ජනවාරි 23 දාය.
ඊට ප්‍රථමව පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ඒකාබද්ධ විපක්ෂය කතානායකවරයාගෙන් ඉල්ලා සිටිමට නියමිතය.