රටේ පාසල් ප්‍රමාණය 9,662 සිට 9,905 දක්වා ඉහළ ගොස් තිබෙන බවට අධ්‍යාපන ඇමතිවරයා මාධ්‍ය සංදර්ශන පැවැත්වුවත්, ගෙවී ගිය වසර 10 තුළදී පාසල් 300 කට වැඩි ප්‍රමාණයක් වැසී ගොස් තිබෙන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
පාසල් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බවට සංඛ්‍යාලේඛනවලින් පෙන්වා සිටියත්, එය සිදුවී තිබෙන්නේ ද්විතීයක පාසල් සංකල්පය යටතේ ස්ථාපිත කළ පාසල් තුළ තිබෙන ප්‍රාථමික අංශ ඉවත් කර වෙනම පාසල් ලෙස ලියාපදිංචි කිරීම නිසා බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.