වවුනියාව කුරුමන්කාඩුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඊයේ 03දා රාත්‍රියේ ආයුධ සන්නද්ධ කල්ලියක පහරදීමකට ලක්ව ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.
එම ප්‍රදේශයේ කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවෙකු මෙම පහරදීමට ලක්ව ඇත.
පහරදීමට ලක්වූ ව්‍යාපාරිකයා තම ව්‍යාපාරික ස්ථානයේ සිටියදී රාත්‍රී 10.20ට පමණ මුහුණු ආවරණය කර ආයුධ සන්නද්ධව පැමිණි ඇති මෙම පිරිස පහරදීම සිදු කොට පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.
මෙම පහරදීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ. අදාළ පුද්ගලයන් විසින් කාය වර්ධන මධ්‍යස්ථානයේ භාණ්ඩවලටද හානි කොට ඇති බව පොලීසිය පවසයි.
පහරදීමට සම්බන්ධ පිරිස කවුරුන්දැයි මෙතෙක් අනාවරණ වී නොමැත.
මෙය පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සිදූ වූ පහරදීමක් බවටද පොලීසිය සැකකරයි. වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.