වවුනියාවේ මහකන්න අස්වැන්නෙන් හෙක්ටයාර් 3000ක් විනාශයි
වැව්වල ජලය හා ප්රමාණවත් වර්ෂාවක් නොලැබීම හේතුවෙන් වවුනියාවේ මෙවර මහකන්නයේ වී අස්වැන්නෙන් හෙක්ටයාර 2834ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට වවුනියාව දිසාපති සෝමරත්න විධාන පතිරණ මහතා පැවසීය.
සෑම වසරකම වවුනියාවේ කුඹුරු හෙක්ටයාර් 19,810ක් ප්රමාණයක් ගොවිතැන් කෙරෙන අතර, මෙවර මහකන්නයේ ජලය හා වර්ෂාව අඩුවීම හේතුවෙන් ගොවිතැන් කිරීමට හැකිව ඇත්තේ හෙක්ටයාර් 12,080ක නොහොත් 60%ක පමණ ප්රමාණයකි.ෙඑම හෙක්ටයාර් 12,080න්ද වවුනියාවේ ගොවීහු බලාපොරොත්තු වූ අයුරින් වර්ෂාව නොලැබීම නිසා හෙක්ටයාර් 2834ක් නොහොත් 23.4%ක් ජලය නොමැතිව විනාශ වීම හේතුවෙන් එම ගොවීහු දැඩි දුෂ්කරතාවයන්ට පත්ව තිබේ. ජලය නොමැති වීමෙන් අස්වැන්න නෙළීමට තිබූ ගොයම් ගස් දුර්වලවී වී කරල් බොහෝ ප්රමාණයක් බොල් වී බවට පත්වීම හේතුවෙන් අසවැන්නද සීග්රයෙන් අඩුව ඇති බැවින් තමන් දැඩි සේ අසරණව සිටින බවට වවුනියාවේ ගොවීහු පවසා සිටිති.
වී අස්වැන්න විනාශ වී යෑමත් සමග සිය ගොවිතැන් වෙනුවෙන් ලබා දෙන්නේ යැයි රජය විසින් පැවසූ රක්ෂණ මුදල් හෝ එළඹෙන අවුරුදු සමයට පෙර තමන්ට ලැබෙන්නේ නම් යම් අසවැසිල්ලක් හෝ ලැබෙන බවට එම ගොවීහු වැඩිදුරටත් කියා සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.





