වවුනියාව නව බස්නැවතුමෙහි කොටසක් වෙන් කොට ලංගම බස්රථ සඳහා ලබාදෙන බවට ජාතික ගමනාගමන මණ්ඩලය එකඟවීමෙන් අනතුරුව දින හතරක කාලයක් පුරා පැවති උතුරු පළාත් ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින්ගේ වැඩවර්ජනය අද (4) අවසන් කෙරිණි.
වර්ජිතයන්ගේ ප්‍රධාන ඉල්ලීම ලෙස නව බස්නැවතුම්පළ බෙදා එක් කොටසක් පෞද්ගලික බස්රථ සඳහා ද අනෙක් කොටස ලංගමටද ලබාදෙන ලෙසට කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.විග්නේෂ්වරන් මහතා ඒ සම්බන්ධව ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් බස්නැවතුම්පල බෙදා වෙන්කර දෙන ලෙස ඉල්ලීම් කරනු ලැබීය.
ඒ අනුව නව අදාළ සියළු පාර්ශවවල සාකච්ඡාවකින් අනතුරුව ලංගම සේවක සංගමය හා පෞද්ගලික බස්රථ සේවක සංගම් බස් නැවතුම්පළ බෙදා වෙන්කිරීම පිළිබඳ එකඟතාවයට පැමිණ ඇත. ඉන් අනතුරුව වැඩවර්ජනය අවසන් කළ බව උතුරු පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී පි. පද්මනාදන් මහතා පැවසීය.
වර්ජනය අවසන් කිරීමත් සමඟ මේ වන විට සාමාන්‍ය පරිදි ලංගම බස්රථ ධාවනය කිරීම ආරම්භ කරඇත.