වවුනියාවේ ගමක් මැද ටයර් පුළුස්සයි - ආරක්ෂාව තර කෙරේ
වවුනියාවේ පූන්තෝට්ටම් අන්නා නගර් හා මදීනා ගම්මානය අතර පිහිටි මුස්ලිම් දේවස්ථානයක් ඉදිරිපිට අද (07දා) අලුයම 2.00ට පමණ කිසියම් පිරිසක් විසින් ටයරයක් පුළුස්සා යෑම හේතුවෙන් තමන් දැඩි බියට පත්ව ඇති බව එහි වැසියෝ කියා සිටිති.
අදාළ ටයරය පිළිස්සීමත් සමග මදීනා නගරයේ ජනතාව ඒ පිළිබඳ පොලීසිය දැණුවත් කොට ඇති අතර, පසුව යුද හමුදාව හා පොලීසිය එහි ගොස් අවශ්‍ය ආරක්ෂාව සපයා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය විසින් සිදුකරන ලද පරික්ෂණවලින් අනතුරුව සැක පළ කර සිටියේ අදාළ ගිනි ගැනීම පරණ ටයරයක් බවටත්, බිය වීමට කිසිදු හේතුවක් නොමැති බවටත්ය.
නමුත් ගම්වාසීන් විසින් පොලීසියට එම ප්‍රදේශයේ රැඳී සිටින ලෙසට කරන ලද ඉල්ලීම හේතුවෙන් මේ වන තුරුත් එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කොට තිබේ.
කෙසේ වෙතත් වවුනියාව පොලීසියේ නිලධාරීන් අද උදෑසනද මදීනා නගරය වෙත යැවූ බව වවුනියාව මූලස්ථාන පොලීසිය සඳහන් කළේය.
මදීනා නගරය යනු යුද්ධයෙන් පීඩාවට පත් මුස්ලිම් ජනතාව පදිංචි කරන ලද වවුනියාවේ පූන්තෝට්ටම් ප්‍රදේශයේ පිහිටි කුඩා ගම්මානයකි. එහි මුස්ලිම් දේවස්ථානය අසල මෙම පරණ ටයරය ගිනි ගැනීම සිදුව ඇතැයි වවුනියාව පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


