වලස්මුල්ල රෝහලේ ඖෂධ ගබඩාවේ හදිසියේ ඇතිවූ ගින්නක් හේතුවෙන් ඖෂධ ගබඩාවට, එහි තිබු උපකරණ මෙන්ම ඖෂධ සඳහා ද හානි වි තිබෙනවා . අද (02දා) අලුයම 12.30 පමණ මෙම ගිනිගැනීම සිදුවී ඇති අතර ගින්නට හේතුව මෙතක් සොයා ගෙන නොමැත.
මේ වන විට වලස්මුල්ල රෝහලට අවශ්‍ය ඖෂධ හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයෙන් සම්පාදනය කරන බවද හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඒ.පි .ආර් .එස් .චන්ද්‍රසේන මහතා පවසා සිටියේය .
සිදුවූ හානිය සම්බන්ධයෙන් මෙතෙක් ගණනය කිරීමක් සිදු කර නොමැත. මේ පිළිබඳව සොයා බැලීම සඳහා නිලධාරින් කණ්ඩායමක් යොදවා තිබෙන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා ෙඅධ්යක්ෂෙවරයා කියා සිටියේය.