ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර පර්යන්තය විකිණීමට ගෙන ඇති තීරණය වහා අහෝසි කරන ලෙස ඉල්ලා සේවක විරෝධතා පෙත්සමක් හෙට (28දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදෙන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සඳහන් කරයි.
විරෝධතා පෙත්සම සඳහා සමස්ත වරාය සේවකයන් 9600 න් 9000කට වැඩි පිරිසක් අත්සන් තබා තිබෙන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා සඳහන් කළේය.
පර්යන්තය විකිණීමට ගෙන ඇති තීරණය අවලංගු කර දමා, එය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන පර්යන්තයක් බවට පත්කරන ලෙස මෙම පෙත්සම මගින් ඉල්ලා සිටින බවද ඔහු පවසා සිටියේය.