හම්බන්තොට වරාය හෝ මත්තුල ගුවන්තොටුපොළ චීනයට විකිණීමට යන බවට පැතිර යන වාර්තා අසත්‍ය බව උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවැසීය.
චීනය හා ශ්‍රී ලංකාව එක්ව හම්බන්තොට සංවර්ධනය කරන බවත් කර්මාන්ත පුරයක් ඇතිකිරීමට චීනය මේ වන විට අක්කර 15000ක් ඉල්ලා ඇති බවත් ඔහු කීවේය. එහි වැඩකටයුතු ඔක්තෝබර් මාසයේදී ආරම්භ කළ හැකි වෙනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
චීන තනාපති, අමාත්‍ය සරත් අමුණුගම ඇතුළු පිරිසක් හම්බන්තොට වරායේ හා මත්තල ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් අනතුරුව මාධ්‍ය අමතමින් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ඉහත අදහස් දැක්වීය.