වර්ධාගේ බලපෑම අඩුවෙයි
වර්ධා සුළි කුණාටුවේ බලපෑම ක්‍රමයෙන් අඩුවී යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති වර්ධා සුළිකුණාටු තත්ත්වය නිසා යාපනය අර්ධද්වීපයේ හා මන්නාරම් බොක්ක ප්‍රදේශයේ සුළගේ වේගය ඉහළ යෑමක් සිදුවූ බව කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය සඳහන් කළාය.
එහෙත් එම තත්ත්වය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බවත්, මෙරට ගොඩබිමේ සුළඟේ වේගය ඉහළ යෑමත් සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බවද ඇය පවසා සිටියාය.
පුත්තලම, මන්නාරම හා ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 – 60 අතර අගයක් ගන්නා බවත්, මීට අමතරව කොළඹ, ගාල්ල, මාතර හා හම්බන්තොට මුහුදු කලාපවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත්, 50 ත් අතර අගයක් ගන්නා බවද රණවීර මහත්මිය සඳහන් කළාය.
වර්ධා සුළං කුණාටුව මේ වනවිට තමිල්නාඩු ප්‍රදේශයට ඇතුළු වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

