වර්ජින් ගැලක්ටික් අභ්‍යවකාශ සිහිනය පුපුරා යයි
අභ්‍යාවකාශය වෙත සංචාරකයන් රැගෙන යාම සඳහා ඇමරිකාවේ වර්ජින් සමූහයට අනුබද්ධ වර්ජින් - ගැලැක්ටික් සමාගම විසින් නිර්මාණය කළ අභ්‍යාවකාශ යානයක් ඊයේ (31දා) අත්හදා බැලීමේ චාරිකාවකදී අනතුරට ලක්වීමෙන් කැලිෆෝනියා කාන්තාර ප්‍රදේශයකට වැටී ඇති බව වාර්තා වෙයි.
මෙම අනතුරින් ගැලක්ටික් අභ්‍යවකාශ යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබේ.
මෙම ගැලක්ටික් යානය මවු ගුවන් යානයක් මගින් උඩුගුවනට ගෙන ගොස් මුදාහැරීම සිදුවන අතර, එසේ මවු ගුවන් යානයෙන් මුදාහැරීමෙන් පසු මෙම පිපිරීම සිදුව ඇති බවද කියැවෙයි.
පසුගිය ජනවාරි මාසයේදී ප්‍රථම වරට මෙම යානය නියමුවන් සහිත අත්හදා බැලීමකට යොමු කළ අතර, එහිදී යානය නිරුපද්‍රිතව ගොඩබැස්වීමට සමත්ව තිබේ.
කෙසේ වෙතත් මෙම අනතුර සැලවූ සැණින් වර්ජින් සමූහයේ ආදිකර්තෘ ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් වහාම කැලිෆෝනියාව වෙත පැමිණ තිබේ. ඔහු පවසා ඇත්තේ මෙම අවාසනාවන්ත අනතුර සැලවීමෙන් තමන් මහත් වූ කම්පනයකට හා දුකකට පත්වූ බවයි.
අභ්‍යවකාශය ජයගැනීම පහසු කටයුත්තක් නොවුණත්, එය වටිනා කටයුත්තක් නිසා ඔවුන් එක්ව මෙම ගමන ඉදිරියටත් යන බව බ්‍රැන්සන් වැඩිදුරටත් පවසා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

