රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22දා) පැවැත්වූ වර්ජනය සාර්ථක වූ බවත් සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දීමට රජය කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පැවැසීය.
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ වැඩ වර්ජනයෙන් බාහිර රෝගී අංශ කටයුතු අඩපණ වුවත් එය අසාර්ථක වැඩ වර්ජනයක් බවයි.