රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද දින (22දා) දියත් කරන ලද වැඩවර්ජනයෙන් දිවයින පුරා රෝහල්වල බාහිර රෝගී අංශයට සුළු බලපෑම් එල්ල වුවද, අනෙකුත් රෝගී සත්කාරක සේවාවන් නිසි පරිදි සිදු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම වෛද්‍යවරුන් ද මහ රෝහල්, ශික්ෂණ රෝහල් සහ අනෙකුත් රෝහල්වල රාජකාරී කටයුතුවල නිරත වෙමින් රෝගී සත්කාරක සේවාවන් සිදු කළ බවත් වෙනත් කිසිදු සෞඛ්‍ය සේවකයෙකු මෙම වර්ජනයට දායක වී නොමැති බවත් එම නිවේදනයේ දැක්වෙයි.
ඇතැම් මහ රෝහල් සහ ශික්ෂණ රෝහල්වල වෛද්‍යවරුන් සියළු දෙනාම රෝගී සත්කාරක සේවා වල නිරත වී සිටි බවත් හදිසි ප්‍රතිකාර සේවා ද සිදු කළ බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.