විදුලි ඉංජිනේරුවන්ගේ ගැටලුව කඩිනමින් විසඳන බවත් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය අතහරින ලෙසත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
විදුලි ඉංජිනේරුවන්ගේ වැඩ වර්ජනය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.
“මිශ්‍ර ජනන සැලැස්මක් වසර 2කට වරක් ලංකා විදුලිබල මණ්ඩලය මගීන් අමාත්‍යාංශයේ අනුමැතිය ඇතුව නියාමන ආයතනය වන මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කරනවා.
මෙවර මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතියෙහි ප්‍රමාදය නිසා ගැටලුකාරි තත්ත්වයක් මතු වී තිබෙනවා. එවැනි පසුබිමක තමයි ඉංජිනේරු සේවා සංගමය අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයකට යන්නේ.
ජනාධිපතිතුමත්, ආර්ථික කමිටුවත් මේ සම්බන්ධයෙන් දැනුවත් කර අවසන් මිශ්‍ර ජනන සැලැස්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගන්නවා.
ඒ අනුව හැට ලක්ෂයක් වන පාරිබෝගිකයන්ට අවහිරයක් නොවන පරිදි කටයුතු කරන ලෙස ඉංජිනේරු සේවා සංගමයෙන් ඉල්ලා සිටිනවා.”