රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමාජික වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් හෙට (22දා) කොළඹට පැමිණෙන බව වාර්තාවේ. මෙම පිරිස් උදේ වරුවේදී සයිටම් විරෝධී අත්පත්‍රිකාවක් කොටුව දුම්රිය පොළ අසලදී බෙදාහැරීමට සැලසුම් කර තිබේ.
ඉන්පසුව හෙට දිනයේදී එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාට එරෙහිව අභියාචනාධිකරණයේදී පැවැත්වෙන අධිකරණමය කටයුත්ත දැක බලාගැනීමට යෑමට නියමිතය.
ඉල්ලීම් හතරක් මුල් කරගනිමින් හෙට (22දා) උදේ 8.00 සිට පැය 04ක වෛද්‍ය වර්ජනයක් සිදුවන අතර, එය පැය 24ක් දක්වා දීර්ඝ විය හැකි බවටත් එම සංගමය අනතුරු අඟවයි.