වර්ජනයක් තිබුණත් අම්බලන්තොට තැපැල් සේවකයෝ වැඩ
තැපැල් සේවක ගැටලු සඳහා වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ තැපැල් වෘර්තීය සමිති පෙරමුණ විසින් දීප ව්‍යාප්තව වැඩ වර්ජනයක් සිදුකළද අද (12දා) දින කිසිදු වෘර්තීය සමිති භේදයකින් තොරව ජනතාවට තම සේවාව ලබා දීමට අම්බලන්තොට තැපැල් කාර්යාලයේ සේවකයන් හා නිලධාරීන් කටයුතු කර තිබේ.
ඒ අනුව ජනතාවට අවශ්‍ය තැපැල් කාර්යාලයකින් ලබාදිය යුතු සියලුම සේවාවන් ලබාදීම අම්බලන්තොට තැපැල් කාර්යාලයේ ස්ථානාධිපති ඩබ්ලිවු.ආර් ප්‍රියන්ත මහතා ඇතුළු සියලු සේවකයන් කටයුතු කර තිබේ.
එමෙන්ම අම්බලන්තොට තැපැල් කාර්යාලයට අනුබද්දව පවතින උපතැපැල් කාර්යාල 09ක් වන තැලවිල්ල, දෙහිගහලන්ද,මාමඩල,දෙහිගහලන්ද, ගොඩකොග්ගල්ල, රුහුණු රිදියගම, බෝලාන, බැරගම ,නෝනාගම හන්දිය යන ප්‍රදේශයන්හි පවතින උපතැපැල් කාර්යාලවල සේවකයන්ද ඒ අයුරින්ම තම සේවා කටයුතුවල නිරත විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




