අද පැවැති වයඹ පළාත් සභා සැසිවාරයේදී ආණඩු පක්ෂයේ සන්ධාන මන්ත්‍රී පියුමාල් හේරත් මහතා වයඹ පළාත් ආණුඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය එම ධුරයෙන් ඉවත්කළ යුතු බව සඳහන් කරමින් දෝශාභියෝගයක් ගෙනාවේය.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණුවටල පටහැනිව යමින් එම තනතුරේ බලය ඉක්මවා ආණ්ඩුකාරවරිය කටයුතු කර ඇතැයි දෝෂාභියෝගය ඉදිරිපත් කරමින් ඔහු කීවේය.
පාසල් ශිෂ්‍යාවක දූෂණය කිරීමේ චෝදනාවකට ලක්ව සිටි ගුරුවරයෙකුගේ වැඩ තහනම් කිරීමට වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර තිස්ස ආර්. බලල්ල මහතා විසින් ලබාදී නියෝගය අත්හිටවමින් එම ගුරුවරයා නැවත සේවයේ පිහිටුවීම මෙම දෝශාභියෝගය ගෙන ඒමට හේතුවයි.