වයඹ පළාත් රෝහල්වලට සේවය කරන හෙද නිලධාරීන්ට ලබාදුන් අවිධිමත් ස්ථාන මාරුවීම්වලට එරෙහිව ගෙනයන වෘත්තීය ක්‍රියාමාර්ගවලට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති නිසා හෙට (08දා) වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ නිල නිවස ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වා විරෝධතාවය ප්‍රකාශ කරන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
පසුගිය 04 වැනිදා උදේ 7.00 සිට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමය එක්ව සංකේත වැඩවර්ජනයක් දියත් කරමින් සිටින බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති ගාමිණි කුමාරසිංහ මහතා සඳහන් කළේය.
මෙම ක්‍රියාමාර්ගයට නීති ප්‍රතිචාර නොලැබීම නිසා හෙට උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කර ආණ්ඩුකාරවරයාට සංදේශයක් බාරදී වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන බවද ඒ මහතා අවධාරණය කළේය.
හෙද නිලධාරීන් 1300 කට අධික පිරිසක් වැඩවර්ජනයට එක්වී සිටින අතර, මේ නිසා පළාත් රෝහල් සියල්ලගේම වැඩකටයුතු අඩපණවෙමින් පවතින බවද වාර්තාවේ.