වන රක්ෂිතවලට පොලිතින් හා ප්ලාස්ටික් ගෙන යෑම තහනම්
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන රක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබන ආරක්ෂිත ප්‍රදේශ (දැඩි ස්වාභාව රක්ෂිත, ජාතික උද්‍යාන, ස්වාභාව රක්ෂිත, ලෝක උරුම වන භූමි, අන්තර්ජාතික මිනිසා හා ජෛවගෝල රක්ෂිත, සංරක්ෂණ වනාන්තර, රක්ෂිත වනාන්තර) තුළ පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීමට එම දෙපාර්තමේන්තු තීරණය කර තිබේ.
මෙම තීරණය ඊයේ (04දා) සිට ක්‍රියාත්මක බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.
ඒ අනුව භාවිතයෙන් පසු ඉවත දමන ප්ලාස්ටික් බොතල් (ජල හා බීම වර්ග), පොලිතින් මලු (ෂොපින් බෑග් ඇතුළුව), පොලිතින් සහිත ආහාර ඇසුරුම් (ආහාර දවටන කොළ ඇතුළුව), පොලිස්ටයිරින් ආහාර ඇසැරුම් භාජන ආරක්ෂිත ප්‍රදේශ තුළට ගෙන යෑම තහනම් වෙයි.
කෙසේ වෙතත් නැවත භාවිත කළ හැකි ජල බෝතල් (ඇලුමේනියම්/ලෝහ බෝතල් හා නැවත භාවිත කළ ප්ලාස්ටික් බෝතල්), රෙදි හා කඩදාසිවලින් නිම කළ මලු, නැවත භාවිත කළ හැකි ආහාර ඇසැරුම් විකල්ප ලෙස එම ප්‍රදේශ තුළ භාවිත කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මෙම නියෝග කඩකරන පුද්ගලයන්ට නීති මගින් කටයුතු කරන බවත්, දේශගුණික විපර්යාස මැඬපවත්වමින් කාබන් පිය සටහන් වැඩිදියුණු කරන අතරතුර වන සත්ත්ව හා ශාක ප්‍රජාව සංරක්ෂණය කිරීම හා ආරක්ෂා කිරීම පෙරදැරි කරගෙන ශ්‍රී ලංකාව තුළ පොලිතින් හා ප්ලාස්ටික් භාවිත අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවත් එම දෙපාර්තමේන්තු නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


