වනජීවී දෙපාර්තමේන්තුවට අවශ්‍ය සම්පත් නොඅඩුව ලබාදෙමින් එය පූර්ණ ප්රතිසංවිධානයකට ලක්කිරීමේ කටයුතු රජය මේ වන විට සිදුකරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ අනුව ප්‍රදේශ රැසක ජනතාවට මුහුණදීමට සිදුව ඇති වන අලි ගැටලුවට ඉදිරියේදී විසඳුම් ලබාදීමට හැකිවනු ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (31දා) පොළොන්නරුව වෙහෙරගල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
වනජීවී දෙපාර්තමේන්තුවේ සම්පත් හිඟය හේතුවෙන් අලි වැට ඉදිකිරීම ඇතුළු කටයුතු පසුගිය කාලය තුළ ප්‍රමාද වී තිබූ අතර ඉදිරි වසරේ සිට එම කටයුතු විධිමත් අයුරින් සිදු කෙරෙණු ඇති බවද ඔහු සඳහන් කළේය.