දළ පූට්ටුවාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ වයඹ කලාපය භාර වනජීවී සහකාර අධ්යක්ෂවරයා අද (04දා) කොළඹ ප්‍රදේශයට මාරුකර යැවීමට විෂය භාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා කටයුතු කර තිබේ.
මීට අමතරව අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව පොලිස් බුද්ධි අංශයද ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මෙම පරීක්ෂණවලට අමතරව පොලීසිය හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පත්කළ විශේෂ කමිටුවක්ද මේ පිළිබඳ පරීක්ෂණ සිදුකරමින් තිබේ.