කුවේට් ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් වධහිංසාවලට ලක්වූ කාන්තාවන් 120 දෙනෙකු අද (24දා) දිවයිනට පැමිණීමට නියමිත බව කටුනායක ගුවන්තොටුපළ බලධාරීහු පවසති.
ඒ අනුව ඉන් පළමු කණ්ඩායම ලෙස කාන්තාවන් 52කු දිවයිනට අද පෙරවරුවේ දිවයිනට පැමිණි අතර, දෙවැනි කණ්ඩායම ලෙස ඉතිරි කාන්තාවන් 68 දෙනා අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත බවත් කටුනායක ගුවන්තොටුපළ බලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.