වතු සාමූහික ගිවිසුම යටතේ හෝ රජයේ වෙනත් යෝජනාවකට අනුව වතු කම්කරුවාගේ දෛනික මූලික වැටුප අප්‍රේල් පළමුවැනිදා සිට රුපියල් 800ක් බවට පත් නොකළහොත් එයට එරෙහිව වතු කම්කරුවන් සමග අරගල කරන බව සමස්ත ලංකා වතු කම්කරු සංගමය සඳහන් කරයි.
2013 වසරේ සිට ක්‍රියාත්මක වතු සාමූහික ගිවිසුමට අනුව වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 480 ක් බවත්, එම ගිවිසුම මේ මස 31 වන දින අවසන් වන බවද එම සංගමයේ සභාපති රාමලිංගම චන්ද්‍රසේකරන් මහතා සඳහන් කළේය.
එහෙත් රජයේ සංඛ්‍යාලේඛන වලට අනුව වතුකම්කරු පවුලක් මාසයක් ජීවත් වීමට අවම වශයෙන් රුපියල් 29,779 ක් අවශ්‍ය වන බවට පෙන්වා දී තිබෙන බවද පවසා සිටියේය.
එහෙත් පවතින වැටුප් ගිවිසුමට අනුව ආසන්න වශයෙන් මාසික ආදායම රුපියල් 12,000ක් බවද සභාපතිවරයා සඳහන් කළේය.
මේ නිසා, අප්‍රේල් පළමුවැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත නව වැටුප් ගිවිසුමට අනුව වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 800 ක් විය යුතු බවත්, ඒ සඳහා කම්කරු සහ කම්කරු සබඳතා අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා විශේෂ මැදිහත්වීමක් සිදුකළ යුතු බවද හෙතෙම පවසා සිටියේය.