කොස්ලන්ද, මීරියබැද්ද වතුයායේ නායයාමෙන් විපතට පත් ජනතාව සිහිකිරිම සඳහා තේ වතු ආශ්රිත වතු කම්කරුවෝ අද (03දා) ශෝක දිනයක් වශයෙන් තම දෛනික රාජකාරිවලින් ඉවත්වී මියගිය අය සිහිකරමින් විවිධ ආගමික වැඩසටහන් පැවැත්වීමට කටයුතු කළහ.
එසේම රජය මගින් ලබාදෙන සහනාධාරවලට සහයෝගය දැක්වීම පිණිස තම එක්දිනක වැටුප රජයට පරිත්‍යාග කිරීමටද ඔවුන් විසින් මේ වනවිට වතු පාලන අධිකාරියටද දැනුම් දී ඇත.
එවැනි යම් මුදලක් පරිත්‍යාග කරන්නේ නම් එම මුදල නීත්‍යනුකූලව චෙක්පතක් මගින්, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරයාගේ ගිණුමට චෙක්පත ලියා එය හල්දුම්මුල්ල වැඩබලන ප්‍රාදේශීය ලේකම්වරයා වෙත භාරදෙන ලෙස බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ දිසානායක මහතා වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.