වතුර පිරවූ බාල්දියක වැටීමෙන් ගලේවෙල, කටුවලන්ද පාර පදිංචි වයස අවු 01 මාස 04 ක් වයසැති පිරිමි දරුවෙකු අද (05දා) දහවල් මියගොස් ඇතැයි ගලේවෙල පොලීසිය කියයි.
දරුවාගේ මිත්තනිය නිවස පිටුපස රෙදි සෝදමින් සිට ඇති අතර, ඇය වතුර පිරවූ බාල්දිය රෙදිවැල අසල තබා නිවස තුළට ගොස් ඇත. ටික වේලාවක් ගියපසු දරුවාගේ ශබ්දයක් නැති නිසා ආහාර පිසිමින් සිටි මව දරුවා සෙවීමේදී වතුර පිරවූ බාල්දියේ ඔහුගේ හිස හිරවී පාද උඩට තිබෙනු දැක ඇත.
වහා ක්‍රියාත්මක වූ ඇය ප්‍ර‘දේශවාසීන්ගේද සහාය ඇතිව ගලේවෙල රෝහලට දරුවා රැගෙන යනවිටත් ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබේ.