වතුකරයේ සිට විදේශගත වන කාන්තාවන්ගේ හා ඔවුන්ගේ දරුවන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට අරමුදලක් ආරම්භ කිරීමට තමා බලාපොරොත්තු වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පැවසීය.
එමෙන්ම කාන්තාවන් විදේශගතවීම අඩුකිරීම තම අපේක්ෂාව බවත්, පුහුණු ශ්‍රමිකයන් හොඳ වෙළෙඳ පොළක් යටතේ විදේශගත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් අමාත්‍යවරිය සඳහන් කළාය. ඉන්දියානු මහ කොමසාරිස් රධා වනකරත්මන් මෙනවිය හමුවීමෙන් පසු අමාත්‍යවරිය මේ බව පැවසීය. මෙහිදී ඉන්දියානු මහ කොමසාරිස්වරිය ප්‍රකාශ කළේ, වතුකරයේ පාසල්වල ඉංග්‍රීසි ගුරුවරුන්ගේ අඩුවක් පවතින අතර, නව රජයේ අවධානය ඒ වෙනුවෙන් යොමුකරන ලෙසයි.