වත්කම් හෙළිකළ එකම ජනාධිපතිවරයා මමයි
වත්කම් ප්රකාශය ලබාදුන් එකම ජනාධිපතිවරයා තමා බව ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වන අවස්ථාවේදීම තම වත්කම් පිළිබඳ තොරතුරු මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදුන් අතර ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුවද ගෙවුනු වසර දෙකේදීම වත්කම් ප්රකාශ ලබාදුන් බවද ජනාධිපතිවරයා කීවේය. ජනාධිපතිවරුන්ට සිය වත්කම් ප්රකාශ කළ යුතුයැයි කිසිදු නීතියක් නොමැති බවත් තමා මන්ත්රීවරයකු , ඇමතිවරයකු ලෙස කටයුතු කළ සමයේදීද වත්කම් ප්රකාශන ලබාදුන් බවද ජනාධිපතිවරයා පැවසීය.
අද (17) අරලියගහ මන්දිරයේ පැවති තොරතුරු දැනගැනීමේ පනත නිල වශයෙන් ක්රියාවට නැංවීමේ සමාරම්භක උත්සවයට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේබව කීවේ. දේශපාලනඥයින් සහ රාජ්ය නිළධාරින් තම කාර්යභාරය විවෘතව ඉටුකරන්නේ නම් කිසිදු ගැටලූවක් මතු නොවන බවද සදහන් කළ ජනාධිපති සිරිසේන මහතා එම පූර්වාදර්ශය ඉහළින් ලැබිය යුතු බව ද කියා සිටියේය. 2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව වත්මන් රජය බලයට පත්කරගත්තේ වංචාවෙන්, දූෂණයෙන් සහ අක්රමිකතාවයෙන් සීමාව අභිබවා ගිය ආණ්ඩුවක් වෙනස් කිරීමට බව පැවසූ ජනාධිපතිවරයා රටේ ජනතාව නව ආණ්ඩුව බලයට පත්කර ගත්තේ පෙර පැවති ආණ්ඩුව මෙන් කටයුතු කිරීමට නොවන බවත් ජනතාව පෙර පැවති ආණ්ඩුවට එල්ල කළ චෝදනා නව ආණ්ඩුවට එල්ලවිය යුතු නැති බවත් කියා සිටියේය.
ඡායාරූප - ශමීර රාජපක්ෂ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

