වට්ස්ඇප් සේවාව වෙනුවෙන් පනවා තිබූ තහනම අද මධ්‍යම රාත්රියේදී ඉවත් කිරිමට නියමිත බව ජනපති මාධ්‍ය අංශය පවසයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජපානයේ සංචාරයක නිරත වෙමින් සිටින අතරතුළදි රටේ ආරක්ෂක තත්ත්වය සළකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවද ජනපති මාධ්‍ය අංශය පවසයි.
වයිබර් වෙනුවෙන් පනවා තිබූ තහනම ඊයේ මධ්‍යම රාත්රියේදී ඉවත් කළ අතර ෆේස්බුක් තහනම සිකුරාදා වන විට ඉවත් කිරිමට රජයේ අවධානය යොමුව ඇත.