වට්ටක්කා තොග මිලදී ගැනීමට ලක්ෂ 50ක්
ගොවීන්ගේ වට්ටක්කා තොග මිලදී ගැනීමට මහාභාණ්ඩාගාරයෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් වෙන්කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක වට්ටක්කා වගාකර ඇති ගොවීන් තම අස්වැන්න අලෙවි කරගත නොහැකි බවට මැසිවිලි නංවන බවට කෘෂිකර්ම අමාත්‍යාංශයට වාර්තා වූ බවත්, මෙවර වට්ටක්කා අස්වැන්න ඉහළ යෑම හා ඊට සාපේක්ෂව වට්ටක්කා සඳහා වෙළෙඳ පොළේ මිල ගණන් පහළ යෑම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවත් එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මෙම කරුණ සැලකිල්ලට ගනිමින් වට්ටක්කා වගා කළ ගොවීන් ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහාභාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කළ බවත්, එම ඉල්ලීම පරිදි ප්‍රදේශ කිහිපයක අතිරික්ත වට්ටක්කා අස්වැන්න මිලදී ගැනීම සඳහා මහාභාණ්ඩාගාරයෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදී ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
එම මුදල මේ වන විට දිස්ත්‍රික් කෘෂිකර්ම නිලධාරීන් වෙත මුදාහැර තිබෙන අතර, අදාළ වට්ටක්කා අස්වනු මිලදී ගෙන සුදුසු පරිදි වෙළෙඳ පොළ වෙත නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් අරඹන්නැයි අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද එම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


