පවුලක එක් අයෙකු වකුගඩු රෝගයට ගොදුරු උවහොත් පවුලේ අනිකුත් සාමාජිකයෝ ජීවත් වෙමින් මිය යන බවත්, ඔවුන් ජීවිත කාලය තුළ උපයාගත් මුදල් සියල්ල වැයකළද ඇතැම්විට එම රෝගියාව සුවකරගත නොහැකි වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
එබැවින් වකුගඩු රෝගීන්ට පිහිටවීම උතුම් පුණ්‍ය කර්මයක් ලෙස ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරණය සමයේ මෛත්‍රී පාර්ශ්වයේ මැතිවරණ පොරොන්දුවක් වූ %වකුගඩු අරමුදලක් පිහිටුවා^ එය යථාර්ථයක් කරමින් ඒ සඳහා ආධාර මුදල් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසූවේය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මැතිවරණය වෙනුවෙන් වියදම් කිරීමට වෙන්කළ මුදල්වලින් ඉතුරු වූ මුදලින් රුපියල් ලක්ෂ දහයක මුදලක්ද මේ වෙනුවෙන් ලබාදුන්නේය.
ලංකා බැංකුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමින් 76780868 ගිණුම් අංකය යටතේ වකුගඩු අරමුදල පිහිටුවා තිබේ.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
ඡායාරූප ඉසුරු පෙරේරා