වකුගඩු රෝගීන්ට ලබාදෙන රුපියල් 3000 දීමනාව ලබාදීමේදී එය එක්සත් ජතික පක්ෂයේ දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්කරගෙන තිබෙන බවට වකුගඩු සුරැකීමේ ජනතා ව්‍යපාරය සඳහන් කළද, එය පදනම් විරහිත ද්වේශසහගත ප්‍රකාශයක් බව සමාජ සේවා, සුබසාධක හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යා පී. හැරිසන් මහතා සඳහන් කරයි.
රුපියල් තුන්දහසේ වකුගඩු දීමනාව එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ව්‍යපෘතියක් බවට පත් වී තිබෙන බවට ඊයේ (16දා) 'අද' පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා වකුගඩු රෝගීන් යොදාගැනීමට තරම් තම පක්ෂය පහත් තත්ත්වයකට වැටී නොමැති බවද ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා, ප්‍රාදේශීය ලේකම්වරු අනුමත කර දෙන රෝගී ලැයිස්තුවට අනුව පමණක් මුදල් දෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
'එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය නොගැනීම නිසා මුදල් නොදීපු එක් වකුගඩු රෝගියෙකු හෝ සාමාජිකත්වය ගැනීම නිසා ොුදල් දුන් කෙනෙක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් මම ඇමතිකම දාල යන්න ලෑස්තියි. වකුගඩු රෝගය කියන්නේ පක්ෂ පාට බලල හැදෙන ලෙඩක් නෙවෙයි. ඇතැම් අය මේකෙන් දේශපාලන වාසි ගන්න හදනවා. එක් පාර්ශවයක් කිව්වා ඇයි මෙච්චර හදිසියෙන් මුදල් දෙන්නේ කියලා. මුදල් දෙනවටත් සමහරු විරුද්ධ වුණා. මෙහි කිසිම දේශපාලනයක් නැති බව මම යළිත් කියනවා.' යැයි අමාත්‍යවරයා පැවසීය.