ලෝක කුසලානයේ අත්දැකීම් බහුල ක්‍රීඩකයා මහේල
2015 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට එක්වන ක්‍රීඩකයන් අතරින් වැඩිම ලෝක කුසලාන තරගාවලි ප්‍රමාණයකට එක්වී ඇති අත්දැකීම් බහුලම ක්‍රීඩකයන් දෙදෙනාගෙන් ඒක් අයෙකු මහේල ජයවර්ධන වීමට ඉඩ තිබේ.
ඒ ශ්‍රී ලංකාවෙන් ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ 30 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයට මහේල ඇතුළත් හෙයිනි.
ඔහුට අමතරව පකිස්තානයේ සහීඩ් අෆ්රිඩී මහේලගේ කඩඉම පැනිමට සූදානමින් සටියි.
1999, 2003, 2007 හා 2011 යන එක්දින ලෝක කුසලාන තරගාවලි අෆ්රිඩී හා මහේල නියෝජනය කර තිබෙති.
ඒ අනුව මෙවර ඔවුන් එක්වෙන්නේ සිය පස්වැනි ලෝක කුසලාන තරගාවලිය සඳහාය.
දැනට ලෝක කුසලානය සඳහා නම් කර ඇති මූලික සංචිත අතරින් ඔවුන් දෙදෙනා හැරෙන්ට කිසිවෙකුත් ලෝක කුසලාන තරගාවලි 4කට එක්වී නොමැතිය.
ඒ අනුව මෙවර ඔවුන්ගේ පස්වැනි ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන අතර ඒ හරහා ලෝක කුසලාන තරගාවලියට එක්වෙන අත්දැකීම් බහුලම ක්‍රීඩකයන් දෙදෙනා බවට මහේල හා අෆ්රිඩී පත්වෙනු ඇත. කෙසේ වෙතත් මේ සඳහා ඔවුන් අවසන් 15 දෙනොගෙන් යුත් සංචිතයට එක්විය යුතුය.
මීට ඉහතදී ලෝක කුසලාන තරගාවලි 5ක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයන් වන්නේ වසීම් අක්රම්, ශිවනාරින් චන්ද්‍රපෝල්, සනත් ජයසුරිය, ඉස්සමාම් උල් හක්, ජැක් කාලිස්, ඉම්රාන් ඛාන්, බ්‍රයන් ලාරා මුත්තයියා මුරලිදරන්, තොමස් ඔඩොයෝ, රිකී පොන්ටින්, අර්ජුණ රණතුංග, ස්ටීව් ටිකලෝ වෙති.
පාකිස්තානයේ ජාවෙඩ් මියැන්ඩාඩ් හා ඉන්දියාවේ සචින් තේන්ඩුල්කාර් ලේක කුසලාන තරගාවලි 6 බැගින් ක්‍රීඩා කර වැඩිම ලෝක කුසලාන තරගාවලි ප්‍රමාණයකට එක්වූ ක්‍රීඩකයන් ලෙස ඉදිරියෙන් සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

