ලෝකයේ මෙතෙක් නිෂ්පාදනය කර තිබෙන විශාලම මගී ගුවන් යානා විශේෂය වන ප්‍රංශයේ නිෂ්පාදිත A - 380 එයා බස් වර්ගයේ මගී ගුවන් යානයක් අද (25දා) අලුයම හදිසියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබැස්සවීය.
එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊ.කේ. - 449 දරන ගුවන් යානය මෙසේ ගොඩබස්සවන ලදී.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් සිට ඩුබායි බලා යන අතරතුර ඉන්ධන ලබාගැනීමේ අරමුණින් මෙය ගොඩබස්වා ඇති අතර යානයේ මෙහි මගීන් 400 ක් කාර්ය මණ්ඩලය 30 ක් ද සිටියද ඔවුහු කිසිවෙක් ගුවන් යානයෙන් පිටතට නොපැමිණියහ.
යානයට ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව, යළිත් කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි.