කැබිනට් මණ්ඩලයේදී සංශෝධනයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එකඟතාවකට පැමිණ තිබේ. ඒ අනුව ඉදිරි දින කිහිපයේදී සිදුවීමට නියමිත කැබිනට් සංශෝධනයේදී ප්‍රධාන පෙළේ අමාත්‍යධුරයකද වෙනසක් සිදුවෙනු ඇතැයි වාර්තා වෙයි.
කැබිනට් මණ්ඩල සංශෝධනය ඉතාමත්ම ඉක්මනින් සිදුවෙන බව ඉරිදා ලංකාදිපයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ. මෙහීදී ජනපතිවරයා පවසා ඇත්තේ ඇමති මණ්ඩාලය මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරු වෙනස් කිරිමද නුදුරේදීම සිදුවන බවයි.
එසේම උද්ඝෝෂණ හා වර්ජන මැඩ පැවැත්වීම සඳහා වෙනමම බළකායක් ස්ථාපිත කිරීමට හෝ එය අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් ජනපතිවරයා සඳහන් කර ඇත.
අජන්ත අඟලකඩ