අභාවප්රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට ගම්පෙරළිය චිත්රපටයට 1965දී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළෙලේදී හිමිවු ‘රණ මයුර‘ සම්මානය අද (02) උදෑසන සිට නැතිවී තිබේ.
එතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අති විශාල ජනකායක් නිවසට පැමිණ සිටි අතර උදෑසන 10 ට නිවසේ පැවැති ආගමික වතාවත් සිදු කිරීමේදීද සම්මානය ඒ අසළ තිබී ඇත. පසුව එම සම්මානය නැතිවී ඇති අතර පවුලේ ඥාතීන් මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කිරීමටද නියමිතය.
ආරියරත්න රණබාහු