ප්රවීණ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසේ ආගමික වතාවත් කරන අතුරතුරදී සොරා ගන්නා ලදැයි කියන ඔහුට අයත් ‘යාවජීව රණමයුර සම්මානය’ ජේම්ස් පීරිස් මහතාගේ ඥාතීන්ට බාරදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා බම්බලපිටිය පොලීසියට ඊයේ (21දා)නියෝග කළේය.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට අයත් ‘යාවජීව රණමයුර සම්මානය’ මේ වන විට නඩු භාණ්ඩයක් වී ඇති බැවින් එහි ඡායාරූප ගැනීමෙන් අනතුරුව ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඥාති දියණියක වූ ගයත්රී කුමුදිණී මහත්මියට බාර දෙන ලෙස මහේස්ත්රාත්වරයා නියම කළේය.
‘යාවජීව රණමයුර සම්මානය’ සමගම සොරකම් කරන ලද ඇපල් වර්ගයේ ජංගම දුරකථනය මිලදී ගත් බව පැවසෙන ගුරුසාමි ශ්යාමලන් නමැත්තා රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියම කළ මහේස්ත්රාත්වරයා, සෙසු සැකකරුවන් ලබන 04 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කළේය.