ලුණුවිල පාලමෙන් පැන අතුරුදන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර අද (24දා) සොයාගත් බව වෙන්නප්පුව පොලීසිය සඳහන් කරයි.
මෙලෙස අතුරුදන් වි සිටියේ ලුණුවිල පීරිස් වත්තේ පදිංචි රතුගමගේ මධුෂ ලක්ෂාන් නැමති 17 හැවිරිදි පාසල් සිසුවෙකි
මියගිය පාසල් සිසුවා පසුගියදා (22දා) ලුණුවිල පාලමෙන පැන ඇති අතර ගිංඔයේ අධික සැඩපහර හේතුවෙන් මළසිරුර සෙවිමේ කටයුතුවලට බාධා පැමිණ තිබේ.
කෙසේ වෙත්ත දින 2ට පසු සැඩ පහරට හසුවී කිලෝමීටර් 3ක් පමණ දුරින් පිහිටි කොළඹ හලාවත මාර්ගයේ නයිනමඩම ගිංඔය මහා පාලම අසල රැඳී තිබියදී එම සිරුර අද (24දා) උදෑසන සොයා ගැනීමට හැකි වූ බව වෙන්නප්පුව පොලීසිය පැවසීය.
නයිනමඩම චන්දන පනාන්දු හා වෙන්නප්පුව රවින්ද ලියනගේ