බන්ධනාගාරගතකර සිටින ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන්ගේ දඩ මුදල් සොයාගැනීම සඳහා සංඝයා වහන්සේ දහස් නමක් පිණ්ඩපාතයේ වැඩම කිරීමට තීරණය කර ඇතැයි මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අද (11දා)පැවසූහ.
පිටකොටුවේ සම්බුද්ධාලෝක විහාරස්ථානයට 15 වැනි සිකුරාදා උදේ 7.30ට භික්ෂූන් වහන්සේලා එක්රැස්ව එදින උදෑසන 8.00ට පිණ්ඩපාතයේ වැඩම කර මුදල් එකතු කිරීම ආරම්භ කරන බවද උන්වහන්සේ සඳහන් කළහ.
මේ ආකාරයට 16 සහ 17 දවස් දෙක තුළ මුළු රටපුරාම සංඝයා වහන්සේපිණ්ඩපාතයේ වැඩම කරන බවත්,එසේ එකතු කරන ලද මුදල් 18 වැනිදා තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයට පැමිණ සවස 2.30ට බාරදිය හැකි බවත් අභයතිස්ස හිමියෝ ප්‍රකාශකළහ.
දිවයින පුරා බෙදාහැර ඇති සිල්රෙදි 25 වැනිදා තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයට පෙරහරින් පැමිණ බාරදීමට සැලසුම් කර ඇති බවද එහිමියෝ කීහ.
සිල්රෙදි සිරකරුවන් සුරැකීමේ අරමුදල පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අද (11දා) උන්වහන්සේ මේ බව පැවැසූහ.