වැලිවේරිය, කඩුවෙල, බැලුම්මහර මාර්ගයේ කඩුවෙල දෙස සිට බැලුම්මහර දෙසට ගමන් කළ වෑන් රථයක් වැලිවේරිය පොදු සුසාන භූමිය අසලදී කිසියම් පිරිසක් විසින් ඊයේ (03දා) පැහැර ගෙන ගොස් ඇතැයි වැලිවේරිය පොලීසයි පවසයි.
මෙම කොල්ලකරුවන් සුසාන භූමිය අසලදී ඔවුන් පැමිණි මෝටර් රථය මාර්ගය හරස් කොට නතර කර වෑන් රථයේ රියදුරු බිය ගන්වා, දෑත් ගැටගසා රැගෙන ගොස් සපුගස්කන්ද ප්රදේශයේ දමා, වෑන් රථය පැහැරගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
වෑන් රථයේ රියදුරු 76 වියැති ගම්පහ ප්රදේශයේ පදිංචි කරුවෙකු වන අතර, ඔහු ප්රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.
පැහැරගැනීම සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.