ඉන්දියාවේ සිට මෙරටට ගෙනැවිත්මීගමුවේ සිට කොළඹ දක්වා ප්‍රදේශවලට හෙරොයින් බෙදාහැරි බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමග රුපියල් ලක්ෂ 450 ක් වටිනා හෙරොයින් කිලෝ 05 ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මීට අමතරව මෙම පුද්ගලයාගෙන් හෙරොයින් මිලදීගෙන අලෙවි කරමින් සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු සහ ඔවුන්ට උදව් උපකාර කළ තවත් පුද්ගලයන් තිදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.