ලක්ෂ 18ක දුම්වැටි තොගයක් කටුනායකදී රේගු භාරයට
කුවේටයේ සිට නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට ගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අද (20දා) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහදව මහතා පැවසීය .
මෙම දුම්වැටි නීතිවිරෝධීව රැගෙන ආ සැකකරු 45 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවත් ඔහු අද දින අලුයම 3.00 පමණ කුවේටයේ සිට පැමිණි කුවේට් ගුවන් සේවයේ කේ.යූ. - 361 දරන යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
පසුව ඔහු කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ ගුවන් තොටුපළෙන් බැහැරට යමින් සිටියදී ගුවන් තොටුපළ රේගුව විසින් ඔහුගේ ගමන් මල්ලේ සගවා ගෙන තිබී මෙම දුම්වැටි තොගය සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබුණි .
ඒවා තුර්කියේ නිශ්පාදිත ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි වන අතර ඒවායේ වටිනාකම රුපියල් 18 ලක්ෂ දස දහසක් බැව් රේගුව පවසයි.
පසුව මේ පිලිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ රේගුව, මෙම දුම්වැටි තොගය රාජසන්තක කර, මේවා නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට ගෙන ආ පුද්ගලයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .
මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිලිබඳ වැඩිදුර විමර් ශන කටයුතු කටුනායක ගුවන් තොටුපළ නියෝජ්‍ය රේගු අධ්යක්ෂ පරාක්‍රම බස්නායක , සහකාර රේගු අධිකාරීවරුන් වන ජූඩ් ප්‍රනාන්දු, ඉසුරු පෙරේරා, ප්‍රදීප් ලංකා සහ නිමල් චන්ද්‍රසිරි යන මහත්වරුන් විසින් සිදුකර තිබුණි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
