ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය කිසිදිනෙක හිතාමතා විදුලිය විසන්ධි නොකරන බවත්, ඒ පිළිබඳ පැමිණිල්ලක් ලැබුණොත් විභාග කිරීමට සූදානම් බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
තෙල්දෙණියේ ගැටුම් ඇති වූ දින හිතමතාම විදුලිය විසන්ධි කළේ දැයි මාධ්‍යවේදියෙකු ඇසූ පැණයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසුවේ අද (07දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“මම විශ්වාස කරන්නේ නෑ හිතාමතා අපි විදුලිය විසන්ධි කළා කියලා. අපි හැම මොහොතමක විදුලිය දෙන්න උත්සාහ කරනවා. එවැනි පැමිණිල්ලක් මට ලැබුණෙත් නෑ” යැයි පැවසීය.
එමෙන්ම මේ පිළිබඳව පැමිණිල්ලක් ලැබුණහොත් පරීක්ෂණයක් සිදුකොට වගකීමකින් තීරණ ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.