ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලේ හා විශ්‍රාම අරමුදලේ මුදල් ආයෝජනය කිරීමේදී සිදුව ඇති රුපියල් බිලියන 2.55 ක වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ උපදෙස් අනුව සිවිල් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඊයේ(15දා) අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේබව කීය.
මෙම වංචාව පිළිබඳ අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකා මහ බැංකුවට, කම්කරු දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට දැනුම්දී ඇති අතර, අමාත්‍යාංශය හරහාද අභ්‍යන්තර විමර්ශනයක් සිදුකරන බවද අමාත්‍යවරයා කීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදල් ආයෝජනයේදී ලැබිය යුතු මාස කිහිපයක පොලී මුදල්ද මේවනවිට අමාත්‍යාංශයට ලැබී නැතැයිද අමාත්‍යවරයා පැවසීය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන කටයුතුවලදී මෙයට සම්බන්ධ එන්ට්‍රස්ට් ආයතනයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති අතර, විදුලිබල මණ්ඩල සේවකයන්ගේ මුදල් නැවත ලබාගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවද සියඹලාපිටිය අමාත්‍යවරයා ප්‍රකාශකළේය.
එමෙන්ම සාම්පූර්හි ගල්අඟුරු බලාගාරයක් ඉදිනොකරන බවත්, ඒවෙනුවට වෙනත් බලාගාරයක් ඉදිකරන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.