2009 වසරේදී ලංකා විදුලිබල මණ්ඩලයේ අර්ථසාධක අරමුදල් වශයෙන් රැස්ව තිබූ මුදලින්, පුද්ගලික සමාගමක් හරහා භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කර තිබූ රු. 2,959,267,568ක් වූ මුදල, මහ බැංකුවේ ගිණුම් ප්‍රකාශ අනුව 2014.12.31 දිනට එහි නොපවතින බවට කරුණු හෙලිවී තිබෙන බව අමාත්‍යාංශය කියයි.
මේ සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ, 2009 වසරේදී අදාළ පුද්ගලික සමාගම හරහා භාණ්ඩාගාර බැඳුම්කරවල සිදුකර ඇතැයි පවසන ලංවිම අර්ථසාධක අරමුදල් ආයෝජනයන්, 2009 වසර තුළදීම එම සමාගම විසින් මහ බැංකුවෙන් ලබාගෙන විකිණීමට කටයුතු කර ඇති බවත් ඒ සඳහා ලංවිමෙහි කිසිඳු අනුමැතියක් ලබාගෙන නැති බවත් අමාත්‍යාංශය කියයි.
මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් මත ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති කටයුතු කළ බවද අමාත්‍යාංශය පවසයි.