ලංකා ගමනාගමන මණ්ඩලයට තාක්ෂණය එක් කරගනිමින් කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවාවක් කඩිනමින් සැලසීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසීය.
සභාපතිවරයා ඒ බව පැවසුවේ, හැටන් ඩිපෝවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (27දා) එක්විමෙන් අනතුරුව පැවති සේවක හමුවේදීය.
ප්‍රවාහන අමාත්‍යවරයාගේ යෝජනාවක් අනුව එන්ජින් කට්ටල පන්සියක් ආනයන කිරීමට කටයුතු කර ඇති බවත් දිවයිනේ සියලුම ලංගම ඩිපෝවවලට සීසී ටීවී කැමරා පද්ධති සවිකර සියලුම ලංගම දුර සේවා බස් රථවල ජී.පී.එස් තාක්ෂණයත් සියලුම කොන්දොස්තර මහත්වරුන්ට ‘ප්‍රවේශ පත්‍ර යන්ත්‍ර ලබාදීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.
ඉදිරියේදි සියලුම ඩිපෝවල සේවකයන්ගේ වැටුප් ඇතුළු සියලුම ගෙවීම් පරිගණක ගත කිරීමට කටයුතු කරන බවත්, ලංගම ඩිපෝවල පවතින රියදුරු කොන්දොස්තර ඇබෑර්තු පිරවීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
සේවකයන්ගේ සුභසාධන කටයුතු ඉහළ දැමීමටත් හැටන් ඩිපෝවට අලුතින් බස් රථ දහයක් මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ඩිපෝව සතු නිසා එම බස් රථ දහය මිලදී ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබාදෙන බවද ලංගම ඩිපෝව සභාපති රමල් සිරිවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.