තව ඉතාමත්ම කෙටි කාලයකින් ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ හැකියාව තිබෙන බව බිම්බෝම්බ තහනම් කිරීමේ ව්‍යාපාරය පවසනවා. ඒ ශ්‍රී ලංකාව පුද්ගල නාශක බිම්බෝම්බ නිශ්කාෂණයේ අනෙකුත් රටවලට වඩා ඉදිරියෙන් සිටින බැවිනුයි.
පසුගිය වසරේ දෙසැම්බර් 13 වැනිදා ශ්‍රී ලංකාව පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ ජාත්‍යන්තර ප්‍රතිපත්තියට අත්සන් තැබීමත් සමග බිම්බෝම්බ තර්ජනයට ලක්ව ඇති උතුරු නැගෙනහිර ප්‍රෙද්ශයන්හී බිම්බෝම්බ නිශ්කාෂණ කටයුතු වේගවත් කරගැනීමට හැකිවනු ඇතැයි එම ව්‍යාපාරයේ සම්බන්ධීකාරක විද්‍යා අභයගුණවර්ධන මහතා පැවසුවා. ඒ ඊයේ(10දා) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදීයි.
සාමාන්‍යෙයන් බිම්බෝම්බ නිසා අනතුරු සිදුවන රටවල් අතර වියට්නාමය, ලාඕසය සහ කාම්බෝජය ඉදිරියෙන්ම සිටින අතර පසුගිය 2017 වසරේ ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ අනතුරුවලින් තුවාල ලබා ඇත්තේ දෙදෙනෙකු පමණි. යුද්ධය පැවති උතුරු නැගෙනහිර ප්‍රෙද්ශවල යුධ හමුදාව සහ තවත් සංවිධාන කිහිපයක් මගින් බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතු සාර්ථකව සිදුකරගෙන යයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව බිම්බෝම්බ තහනම් කිරිමේ ප්රඥප්තියට අත්සන් තැබීම මගින් ශ්‍රී ලංකාවට නුදුරු අනාගතයේදි ආර්ථික, සමාජ, ආරක්ෂණ සහ දේශපාලන වශයෙන් විශාල ප්‍රගතියක් අත්කර ගැනිමට හැකිවන බව මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා බිම්බෝම්බ තහනම් කිරිමේ ව්‍යාපාරයේ උපදේශක ප්‍රසන්න කුරුප්පු මහතා සඳහන් කළේය.