යුනෙස්කේ ලෝක උරුමයක් වන නැගෙනහිර ජෙරුසලමේ පැරණි නගරය ඊශ්රායෙය විසින් විනාශ කරමින් සිටීමට එරෙහිව යුනෙස්කෝ සංවිධානය ගෙන ආ යෝජනාවලියට ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකීසිටීමට ශ්රී ලංකාව කටයුතු කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.
ඒ අනුව මෙතෙක් කාලයක් පුරාවට ශ්රී ලංකාව අනුගමනය කළ නොබඳි පිළිවෙතින් ශ්රී ලංකාව බැහැරවී ඇති බවත් එය එක්සත් ජනපද - ඊශ්රායෙල් බලපෑමට නතුවීමක් ලෙස දකින බවත් අද (12දා) ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ලොව පුරා මුස්ලිම් හා ක්රිස්තියානි බැතිමතුවන් විසින් පූජනීය ස්ථාන ලෙස සලකනු ලැබන නැගෙනහිර ජෙරුසලමේ පැරණි නගරයේත් බටහිර ඉවුරේ හෙබ්රොන් හා බෙත්ලෙහේමේත් විනාශකාරී කැණීම් සිදුකරමින් පවතින බව එම නිවේදනයේ දැක්වෙයි.
ශ්රී ලංකාවට අමතරව ඉන්දියාවත් මේ සඳහා ඡන්දය ප්රකශ කරමින් වැළකී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.