ලංකාවේ මාර්ග තදබදය අවම කර ගැනීමට ජපාන සහාය
ශ්‍රී ලංකාවේ මාර්ග තදබදය අවම කර ගැනීමේ ව්‍යාපෘති සහ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතින් වෙනුවෙන් ඉදිරියේදී තම දායකත්වය ලබාදීමට අපේක්ෂා කරන බව ජපාන හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය යුකියෝ හටොයාමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පවසා තිබේ.
ඒ ජපාන හිටපු අග්‍රාමාත්‍යවරයා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ (14දා) පැවැති හමුවකදීය.
පොල්ගස්ඕවිට දහම් සෙවණ පන්සල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන සදහම් සේවා ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ උත්සවය සහභාගීවීමට ජපාන හිටපු අගමැතිවරයා දිවයිනට පැමිණ තිබේ.
ඒ මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයක් අනුව ඉදිකෙරෙන මෙම නව ගොඩනැගිල්ල මහල් 17 කින් සමන්විත අතර වැය කෙරෙන මුදල රුපියල් කෝටි 2500කි. දැනට මෙහි ඉංගී්රසි හා ජපාන භාෂා දැනුම ප්‍රදේශයේ දරු දැරියන්ට ලබාදීම සිදුකෙරෙන අතර ඉදිරියේදී වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



