ශ්‍රී ලංකාවේ ජලජ පැළෑටි වගාවට නව පණක් එක් කරමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ප්‍රථම ජලජ පටක රෝපණ විද්‍යාගාරය 'WET LAB' රම්බඩගල්ල ජලජීවීවගා මධ්‍යස්ථානයට අනුබද්ධව මෙම විද්‍යාගාරය පසුගියදා විවෘත කෙරිණි.
ජලජ පැළෑටි වගාව තවමත් ජනතාව අතර පුළුල් ලෙස ව්‍යාප්ත වී නොමැත. එහෙත් වර්තමානයේ ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල ජනතාව භාවිත කරන මුහුදු ආහාර අතර ජලජ පැළෑටි බහුල වශයෙන් යොදා ගනී. අධික ප්‍රෝටීන සහිත හා සෞඛ්‍ය සම්පන්න ආහාරයක් වන ජලජ පැළෑටි අපනයනය මගින් ඉහළ ආදායමක් උපයා ගැනීම මෙන්ම අප රටේ ජනතාව අතර එම වගාව ප්‍රචලිත කිරීම මෙහි අරමුණ බවද ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි.